July 05, 2024

නාවලපිටියේ  නාඳුනන මළ සිරුරු දෙකක්

නාවලපිටිය ප්‍රදේශයේ දී සැකකටයුතු ලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇතැයි පොලීසිය නිවේදනය කරයි.

එක් මළ සිරුරක් නාවලපිටිය මීපිටි ප්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර අනෙක් සිරුර සොයාගෙන ඇත්තේ උලපනේ ප්‍රදේශයේ දීය.

මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය මෙතෙක් හෙළිකරගෙන නොමැති අතර උලපනේ ප්‍රදේශයේ මළ සිරුර හමුවූ පුද්ගලයා දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වූ බවට පොලීසිය සැක පහල කරයි.

Rate this item
(0 votes)