July 05, 2024

ත‍්‍රස්ත විමර්ශනයෙන් විස්කි කොල්ලයක් 

ව්‍යාපාරිකයෙකු විසින් රැගෙන යමින් තිබුණු විස්කි බෝතල් තොගයක් කොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිස් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ සේවයේ නිරත පොලිස් නිළධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ පවත්වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 

මෙම විස්කි කොල්ලය මාස කිහිපයකට පෙර සිදුවී ඇති අතර ඊට සම්බන්ධ සිව් දෙනෙක් මේ වනවිට විශේෂ පොලිස් අංශයක් මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එම කොල්ලයට ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිළධාරීන් තිදෙනෙක් සම්බන්ධ බව අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් එම සැකකරුවන්ගෙන් කෙරුණු දීර්ඝ ප‍්‍රශ්ණ කිරීම් හමුවේදී බව එම ආරංචි මාර්ග පවසයි.

එම සැකකාර පොලිස් නිළධාරීන් දෙදෙනා මරදාන පොලිසියට භාරදෙන ලෙස මරදාන පොලිසිය ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ බලධාරීන් දැනුවත්කර ඇති අතර මෙතෙක් ඔවුන්ව භාරදී නොමැති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. 

ඒ වෙනුවට විස්කි කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිළි කළ ව්‍යාපාරිකයාව ප‍්‍රශ්ණ කිරීම සදහා තමන්ට මුණ ගස්වන ලෙසට මරදාන පොලිසියට ඉහළ පොලිස් නිළධාරියෙකුගෙන් බලපෑම් එල්ලවන බව වාර්තා වේ.

එම උසස් නිළධාරියාට අවශ්‍යව ඇත්තේ ත‍්‍රස්ත විමර්ශන නිළධාරීන්ව බේරා ගැනීමටදැයි සැකයක් ඇතිවන බව පොලිසියේ අරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

Rate this item
(1 Vote)