July 05, 2024

තවත් ෆුල් ෆේස් කොල්ලයක්

හෝමාගම, ගොඩගම නගරයේ පිහිටි ව්‍යාපාර සංවර්ධන සමූපකාර බැංකුවට කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙක්  අද(07) පස්වරුවේ මුදල් කොල්ල කා පළාගොස් තිබේ. 

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු එම කොල්ලය කර ඇති බව අතුරුගිරිය පොලිසිය පවසයි.

කොල්ලකෑමට ඔවුන්ට හැකිවී ඇත්තේ රුපියල් 10,000 කට ආසන්න මුදලක් පමණක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ අජිත් රෝහණ මහතා පැවසී ය.

එම කොල්ලකරුවන්ද පැමිණ ඇත්තේ ෆුල් ෆේස් හෙල්මට් පැලඳගෙන බවත් මේ වනවිට ෆුල් ෆේස් හෙල්මට් පැලද කරන කොල්ලකෑම්වල වර්ධනයක් දකින්නට ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)