July 05, 2024

හෙට පාරේ යන්නත් නෑ - වතුර බොන්නත් නෑ 

ගාල්ල කොළඹ මාර්ගයේ වැල්ලවත්ත හා බම්බලපිටිය මාර්ගය අළුත්වැඩියා කිරීම හේතුවෙන් ගාලු පාරේ සහ මුහුදු බඩ මාර්ගයේ රථවාහන එක් දිසාවකට ගමන් කරවීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

ඒ අනුව රාම ක්‍රිෂ්ණ මාවත හන්දිය සිට කිංරෝස් පෙදෙස දක්වා වැල්ලවත්තේ සිට කොල්ලුපිටිය දෙසට පැමිණෙන වාහන ගමන් කරවීමට ද කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දෙසට ගමන් කරන වාහන කිංරෝස් පෙදෙස අතරින් ගාල්ල කොළඹ මාර්ගයට ඇතුලු කරවීමට ද සැළසුම් කර තිබේ.

මෙම සැලැස්ම පෙරවරු 7 සිට පෙරවරු 9 දක්වා ක්‍රියාත්මකය.

මේ අතර බම්බලපිටියේ ගාලුපාරේ ඩික්මන් මංසන්දියේ සිට වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව දක්වා ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට ද නියමිතය.

අග නගරයේ සිදුවන සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 07 April 2014 17:17