රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒෂියන් මිරර් වෙත ඔහු සඳහන් කළේ මේ වන විට සිය ඉල්ලා අස්වීමේ ලිපිය සූදානම් කරමින් සිටින බවයි.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදීමට සූදානම් බවද ඔහු කියා සිටියා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ඇමතිවරුන් එම තීරණය ගත්තාදැයි අප කළ විමසීමකදී දයාසිරි ජයසේකර මහතා පැවසූවේ තමා තීරණයක් ගත් බවත් අනෙක් ඇමතිවරු ගැන කිසිවක් කිව නොහැකි බවත්ය.
කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ අනෙක් ඇමතිවරුන් සිය ධූරයෙන් ඉවත් වීමට කැමැත්ත පළ කර නොමැති බව වාර්තා වනවා.