May 09, 2024

ඇමෙරිකානු වැඩබලන රාජ්‍ය ලේකම්වරිය ලංකාවට! තවත් ප්‍රබලයින් 05ක් ඇවිත්

ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ වැඩබලන රාජ්‍ය ලේකම් වික්ටෝරියා ජේන් නූලන්ඩ් ( Victoria Jane Nuland ) මහත්මිය දෙදින නිල සංචාරයක් සදහා අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඇය සමග එරට තවත් උසස් නිලධාරීන් 05 දෙනෙකු ද දූත පිරිස ලෙස පැමිණ සිටි බවයි ඒෂියන් මිරර් ගුවන්තොටුපොල වාර්තාකරු පැවසූවේ.

මෙම පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානයෙන් අද දින රාත්‍රී 07.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

මෙම ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වික්ටෝරියා ජේන් නූලන්ඩ් මහත්මියගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ඇමෙරිකානු භට කණ්ඩායම් කීපයක්ම මීට පෙර දින වල දී ශ්‍රී ලංකාවට පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 22 March 2022 22:42