පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය ලෙස ඊයේ (10) පැවැත්වුණේ බලශක්ති අර්බුදය පිළිබඳව විවාදයක්.
තෙල් හිඟය මත ඇතිවූ බලශක්ති අර්බූදයට සෘජුවම වගකිව යුත්තේ ජනපතිවරයා විසින් බලශක්ති අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ උදය ගම්මන්පිල මහතා බව පාලිත පක්ෂයේ ප්‍රබලයන්ගේ පොදු මතයයි.
ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරය
එහෙත් ඒ සම්බන්ධයෙන් ඊයේ (10) පැවැති සභාව කල් තැබීමේ කල් තැබීමේ විවාද යෙදී අදහස් දැක්වීමට හිටපු බලශක්ති අමාත්‍ය ගම්මන්පිල මහතාට ආණ්ඩු පාර්ශවයෙන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.
මෙම විවාදයේදී තමන්ට කරුණු දැක්වීමට අවශ්‍ය බව ගම්මන්පිල මහතා කලින්ම ආණ්ඩු පාර්ශවයේ සභානායකට හා ප්‍රධාන සංවිධායකවරයාට දැනුම්දී තිබුණත් ඔවුන් ඊට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.
මේ සම්බන්ධයෙන් කලින්ම තොරතුරු දැනගත් ගම්මන්පිල මහතා ඒ ගැන කථානායකවරයාගෙන් මෙන්ම සභානායක හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයා ගෙන් කරුණු විමසුවා.
ලැබුණු ප්‍රතිචාරය
සභානායක දිනේෂ් ගුණවර්ධන හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍ය දෙපළම ගම්මන්පිල මහතා අමතා සඳහන් කර තිබෙන්නේ එම විවාදයේදී කතා කිරීමට බොහෝ ඇමතිවරුන් සිටින බැවින් ඔහුට (ගම්මන්පිල මහතාට) අවස්ථාවක් ලබාදීමට නොහැකි බවයි.
එහෙත් දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව ගම්මන්පිල මහතාට පාර්ලිමේන්තුව ඇමතීමට අවස්ථාවක් ලබා නොදෙන ලෙස ආණ්ඩුවේ ඉහළම තැන්වලින් සභානායකට හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකට උපදෙස් ලැබී තිබෙනවා.
ඒ ඔහු මෙම විවාදය අස්සේ කුමක් කියයි දැයි යන සැකය නිසා.
ගම්මන්පිල මහතාට කථාවක් කිරීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් ඔහු නියෝජනය කරන සන්ධානගත පක්ෂ 11 කණ්ඩායම පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටත පාර්ලිමේන්තුව තුළ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවත් වාර්තා වනවා.
විපක්ෂයෙන් වේලාව ගැනීම
සාමාන්‍යයෙන් ආණ්ඩුවක් තුළ අර්බුද ඇති වූ අවස්ථාවක ඊට මුහුණ දෙන අයට පාර්ලිමේන්තුව ඇමතීමට ආණ්ඩුවෙන් වේලාවක් ලබා නොදුන්නහොත් විපක්ෂයෙන් කාලය ලබා දීම සම්ප්‍රදායක්.
වාර්තා වන ආකාරයට ගම්මන්පිල මහතා තමන්ට කතා කිරීම සඳහා විපක්ෂයෙන් කාලය ඉල්ලා නැහැ.
පක්ෂ නායක රැස්වීමේදී මෙම විවාදයට දින නියම කර ගනිද්දී බලශක්ති අමාත්‍ය ධූරය දැරුවේ ගම්මන්පිල මහතායි.
ඒ අනුව එම විවාදය පිළිතුරු කතාව කිරිම භාරව තිබුණේ විෂය භාර අමාත්‍යවරයා වූ ගම්මන්පිල මහතාටයි.