May 17, 2024

මුදල් ඇමතිගෙන් ආණ්ඩුකාරවරුන්ට උපදෙස්

දිවයිනේ සියලු පළාත් තුළ සියයට 20 කින් විදුලි පරිභෝජනය අඩු කිරීමට ආණ්ඩුකාරවරුන් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ ඒ පළාත් හි පොදු ස්ථානවල විදුලිය පරිභෝජනය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (06) ලංකාවේ සියලුම පළාත් නියෝජනය කරමින් ආණ්ඩුකාරවරුන්ගේ සහභාගිත්වයෙන් මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වුණා.

එහිදී සියලු පළාත්වල පොදු ස්ථානයන් හි විදුලි පරිභෝජනය සියයට 20 කින් අඩු කිරීම සඳහා අදාල රාජ්‍ය ආයතන වල නිලධාරීන් හට පළාත් ආණ්ඩුකාරවරුන් විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

තවද උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා තම පළාතේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයට ඇති හැකියාව තව තවත් වර්ධනය කරමින් ඉදිරියේදී උතුරු පළාතේ සියලු රාජ්‍ය ආයතනයන් තුල පුනර්ජනනීය බලශක්තිය වැඩිවශයෙන් පරිභෝජනය කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සුදානම් කරන ලෙස උතුරු පළාතේ රාජ්‍ය නිලධාරින් හට උපදෙස් ලබා දී තිබෙනවා.

Rate this item
(0 votes)