July 02, 2024

ලෝක කුසලානය ශ්‍රී ලංකාවට 

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන අවසාන මහා තරඟය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය හිමි කර ගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය.

1996 වසරෙන් පසු ලෝක ශූරතා ක්‍රිකට් තරඟාවලියක් ජය ගැනීමේ අවස්ථාව ලද ශ්‍රී ලංකාව 18 වසරකට අනතුරුව ලෝක කුසලානයක් ජයගත් පළමු අවස්ථාව මෙයවේ. 

{module LOLC}

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 130ක් ලබාගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 17යි පන්දු 5කදී සිව්දෙනෙකු දැවී ලකුණු 132ක් ලබා ගනිමින් ලෝක කුසලානය හිමි කර ගත්තේය.

විශිෂ්ඨ ලෙස පිත්ත හසුරවමින් කුමාර සංගක්කාර ලකුණු 52ක් ලබාගත්තේය. 

ලකුණු 131 පහසු ඉලක්කයක් හඹා‍ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පන්දුවාර 17.5 කදී එම ඉලක්කය පසුකර යාමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය කුමාර් සංගක්කාර පන්දු 35කදී නොදැවී විශිෂ්ඨ ලෙස ලකුණු 52 රැස්කිරීමට සමත්වූ අතර, ඒ හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමිවිය. 

ඉන්දීය පන්දු යවන්නන් ග්‍රහණයට ගත් තිසර පෙරේරා දැවැන්ත හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 23 රැස්කිරීමට සමත්විය.

මෙම තරගයේදී මහේල රැස්කළ ලකුණු 24 සමගින් ඔහු, විස්සයි20 ලෝක කුසලාන තරගාවලිවලදී ලකුණු දහසේ (1024) කඩඉම පසුකිරීමට සමත්වූ අතර, එවැනි දස්කමක් දැක්වූ ලොව පළමු පිතිකරුවා ලෙස මහේල ජයවර්ධන වාර්තා පොතට එක්විය.

 

 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 07 April 2014 15:38