May 19, 2024

ඩීසල් අර්බුධය උග්‍ර අතට - බස් ධාවනයත් අඩු වෙයි

February 28, 2022

පිරවුම්හල්වල පවතින ඩිසල් හිගය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බව බස් රථ සේවකයින් පවසනවා.

සමස්ථ ලංකා පෞද්ගලික සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පෙන්වා දෙන්නේ බස්රථ සදහා අවශ්‍ය ඩිසල් අද දිනය තුල නොලැබුනහොත් තත්ත්වය බරපතල විය හැකි බවයි.

ප්‍රදේශ රැසක ඒෂියන් මිරර් වාර්තාකරුවන්ද සදහන් කළේ අද දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය යම් තරමකින් පහත වැටි ඇති බවයි.

හෝමාගම, මහරගම , විජේරාම ඇතුළු තදාසන්න ප්‍රදේශවල ඩිසල් නැත යනුවෙන් සඳහන් කර ඇති බවද අප වාර්තාකරු සඳහන් කළා.

එමෙන්ම ප්‍රෙටල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් පවතින බවද වාර්තා වෙනවා.

එමෙන්ම සිපෙට්කෝ පිරවුම්හල මෙන්ම පසුගියදා මිල යලි ඉහල දැමු ඇතැම් ලංකා අයි.ඕ.සි පිරවුම්හල්වල ද ඉන්ධන තොග අවසන් බවට වන පුවරු දැක ගත හැකි වනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින මෙම ඉන්ධන හිගය නිසා ජනතාවද තවදුරටත් පත්ව සිටින්නේ දැඩි අසීරුතාවටයි.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය ධාවනයට මෙතෙක් බාධා මතුව නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. 

එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ, ඉන්ධන ලබාදිය නොහැකි බව තෙල් සංස්ථාව මෙතෙක් ප්‍රකාශ කර නැතත්, පවතින ඉන්ධන තොග කළමනාකරණය කර ගනිමින් දුම්රිය ධාවනය සිදු කරන බවයි.

මේ අතර, අද දිනයේ දිවයිනට පැමිණිමට නියමිතව තිබු ඩිසල් අඩංගු නෞකාව පැමිණිම නොවැලක්විය හැකි හේතුවක් මත අනිද්දා දක්වා කල් යන බව බලශක්ති අමාත්‍යාංශය සදහන් කළා.

එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ, ලබන සිකුරාදා තවත් ඩිසල් නෞකාවක් මෙරටට පැමිණිමට නියමිත බවයි.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38300ක් රැගෙන මෙරටට ලගා වු නෞකාවේ පෙට්‍රල් ගොඩබෑම අද පස්වරුවේ ආරම්භ කළ හැකි බවද ඔහු සදහන් කළා.

Rate this item
(0 votes)