May 19, 2024

තෙල් මිල තව වැඩි කරන්න: ඇමතිගේ ඉල්ලීමට බැසිල් හරහට

February 28, 2022

මීට දින 6 කට පෙර විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වූවා.

ඒ තෙල් අර්බුද පිළිබඳව සාකච්ඡා කිරීමට.

ආණ්ඩුව තුළ බෙදීම

තෙල් මිල සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ මෙන්ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් තුළ බෙදීමක් තිබෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සිපෙට්කෝ තෙල් මිල ගණන් දැනට තිබෙන මිලට වඩා වැඩි කිරීමට නොහැකි බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු ඔහුට හිතවාදී ඇමති හා මන්ත්‍රී පිරිසගේ මතය වනවා.

එසේ කිරීමෙන් සිදුවන්නේ ජනතාව තව තවත් පීඩාවට ලක්වන බවයි මුදල් ඇමැතිවරයා ඇතුළු එම පිරිස පෙන්වාදී තිබෙන්නේ.

ඇමතිවරයාගේ යෝජනාව

එම පිරිස එසේ ප්‍රතිචාර දක්වා තිබෙන්නේ බලශක්ති ඇමති උදය ගම්මන්පිල ඇමතිවරයා ඇතුළු ඔහුට හිතවාදී පිරිසක් කළ යෝජනාවකට.

ගම්මන්පිල ඇමතිවරයා ඇතුළු එම පිරිස ප්‍රසිද්ධියේ සඳහන් කර තිබෙන්නේ වහාම තෙල් මිල ගනන් වැඩි කළ යුතු බවයි.

මේ වන විට ඉන්දියන් තෙල් සමාගම (IOC) තෙල් මිල ගණන් දෙවතාවක්ම පසුගිය කාලය තුළ වැඩි කලා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 28 February 2022 13:48