July 02, 2024

ශ්‍රී ලංකාවට ලකුණු 131ක ඉලක්කයක්

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන අවසාන මහා තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 130ක් ලබාගැනීමට සමත් විය.

ඒ අනුව පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 131ක ඉලක්කයක් ලැබී තිබේ. 

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේ ය.

එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි ලකුණු 77ක් ලබාගැනිමට සමත් විය.

අවසන් මහ තරගය බංග්ලාදේශයේ, ඩකාහිදී  පැවැත්වේ.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 April 2014 22:08