හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා යාපනයට ගියා.
ඒ තමන් සභාපතිත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමුළුව පැවැත්වීමට.
යෙහෙළිය බැලීමට යෑම
එහිදී සිරිසේන මහතාට යාපනේ ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබුණු බව මාධ්‍ය වල පළ වී තිබුණා.
යාපනය ගමනේදී සිරිසේන මහතා පසුගිය යහපාලන ආණ්ඩුවේ සිටි රාජ්‍ය අමාත්‍යවරයක් දැක බලා ගැනීමට යෑමටද අමතක කළේ නැහැ..
ඒ විජයකලා මහේශ්වරන් මහත්මියවයි.
ඇය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නියක්.
යහ පාලනය
යහ පාලන ආණ්ඩු සමයේ සිරිසේන මහතා හා මහේෂ්වරන් මහත්මිය අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් ගොඩ නැගුණු බව ප්‍රසිද්ධ කරුණක්.
ඒ අනුව හිටපු ජනපතිවරයා මහේෂ්වරන් මහත්මිය දැක බලා ගැනීමට යෑම හිටපු රාජ්‍ය ඇමතිවරියක දැක බලා ගැනීමට යෑමකට වඩා සිය කිට්ටු හිතවතියක් දැක බලා ගැනීමට යෑමක් ලෙස හැදින්වීමේ වැරැද්දක් නැහැ.
එම අවස්ථාවට ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මෙන්ම කොළඹ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මියද සම්බන්ධ වී සිටියා.
මේ දෙපළද මෙසේ හමු වූයේ කලකට පසුවයි.