July 02, 2024

ලෝක ශූරයින්ගේ දවස අදයි

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහ තරඟය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද(06) බංග්ලාදේශයේ, ඩකාහිදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වේ. ශ්‍රී ලංකාව විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහා තරගයකට පැමිණි තුන්වන අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මීට පෙර වර්ෂ 2009දී පකිස්ථානයට එරෙහිව සහ වර්ෂ 2012දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා තිබුණද එම අවස්ථා දෙකේදීම ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට නොහැකි විය.

මේ වනවිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි 20 තරග 5ක් පවත්වා ඇති අතර ඉන් තරග 3ක ජය ඉන්දියාව හිමි කරගෙන තිබේ. ශ්‍රී ලංකාව ඉන් තරග 2ක් ජයගෙන ඇත.

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 April 2014 20:42