July 02, 2024

සෞඛ්‍ය සේවාවේ ගැටුම්

නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් අර්බුදයට යවමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අතර ගැටුම් ඇති කිරීමේ බලධාරීන්ගේ උත්සාහය හෙළා දකින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ඒ.එන්.කේ. අත්තනායක මහතා පවසයි. 

නිසි රෝග නිවාරණ වැඩපිලිවෙලක් නොමැතිකම හේතුවෙන් භයානක ලෙස ඉහල යන රෝගාබාධ ප‍්‍රමාණය සහ සෞඛ්‍ය සේවාවේ සීමිත පහසුකම් හමුවේ මෙරට සෞඛ්‍ය සේවාව අද පවතින තත්ත්වයෙන් හෝ පවත්වාගෙන යාමට නම් විශේෂඥ වෛද්‍යවරයාගේ සිට කණිෂ්ඨ සෞඛ්‍ය සේවකයා දක්වා සහයෝගයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

සැබෑ අවශ්‍යතාව එසේ වුවද මෑතක සිට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විවිධ වෘත්තික කණ්ඩායම් අතර මතවාදී ගැටුම් ඇති කිරීමේ ප‍්‍රවණතාවක් පැහැදිලිව නිරීක්ෂණය කල හැකි බවත් ඉන් අවසානයේ සිදුවන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් මහජනතාව තුල තිබෙන විශ්වාසය කඩ වීම බවත් එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)