සමගි ජන බලවේග දේශපාලනය ගැන විශේෂ හැඳින්වීමක් එම පක්ෂයේ නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෑගල්ලේදී කර තිබෙනවා.
ඒ මයන්ත දිසානායක මන්ත්‍රීවරයා සභාපතිත්වය දරන සමගි ජන බලවේගයට අනුබද්ධ සමගි තරුණ බලවේගය කෑගල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අමතමින්.
ජනතාව රකින ව්‍යාපාරය
එහිදී විපක්ෂ විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබෙන්නේ සමගි ජන බලවේගය දේශපාලන පවුලක් , පරපුරක් , ඥාතීන් පිරිසක් , ගජ මිතුරන් පිරිසක් රකින දේශපාලන ව්‍යාපාරයක් නොව රටේ සමස්ත ජනතාවම රකින දේශපාලන ව්‍යාපාරයක් බවයි.
තරුණ පරපුර සම්බන්ධයෙන් වූ සමඟි ජන බලවේග දැක්මද එහිදී ඔහු අනාවරණය කොට තිබෙනවා.
උපදේශක සභාව
තරුණයින්ම අධ්‍යාපනිකව , දේශපාලනිකව , ආර්ථිකව , සමාජයීයව , සෞඛ්‍යමයව , සංස්කෘතික හා ආගමික අංශවලින් සවිබල ගැන්වීම සමගි ජන බලවේග තරුණ ප්‍රතිපත්තියේ අරමුණ බවයි විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කර තිබෙන්නේ.
තම පාලනයක් යටතේ ආණ්ඩුව උපදෙස් ගැනීම සඳහා තරුණයින් මුල් කොටගෙන උපදේශක සභාවක් පිහිටුවන බවට ප්‍රතිඥාවක්ද විපක්ෂ නායකවරයා එහිදී ලබා දී තිබෙනවා.