හංගේරියානු විදේශ අමාත්‍ය Peter Szijjarto මහතා ප්‍රමුඛ දූත පිරිසක් අද (12) අලුයම නිල සංචාරයක් සදහා මෙරටට පැමිණියා.
හංගේරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා විසිනි.
හංගේරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා සමග දූත පිරිස ලෙස තවත් 20 දෙනෙකු ද පැමිණ සිටියා. එම දූත පිරිසට එරට ව්‍යාපාරිකයින් පිරිසක්ද අයත්ය.
එක් දින නිල සංචාරයක නිරත වී සිටි හංගේරියානු විදේශ අමාත්‍ය Peter Szijjarto මහතා ඇතුළු 20 දෙනෙකුගෙන් යුතු දූත පිරිස , එම සංචාරය නිමා කර සවස 04.45 ට ඔවුන් පැමිණි හංගේරියාවට අයත් විශේෂ ඩබ්ලිව්.ඉසෙඩ්.ඉසෙඩ්.- 504 දරන ගුවන් යානයෙන්ම ආපසු පිටත්ව ගොස් තිබෙනවා.
( කටුනායක - ටී.කේ.ජී.කපිල )