April 28, 2024

CID පස් වැනි මහලෙන් පැන කාන්තාවක් සියදිවි නසාගනී

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි වයස අවුරුදු 46ක කාන්තාවක් එම ගොඩනැඟිල්ලේ පස් වැනි මහලෙන් බිමට පැන සියදිවි හානි කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

ඇය රුපියල් මිලියන 60ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනුයි ඇයට චෝදනා එල්ල වී ඇත්තේ.

මෙලෙස සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.

Rate this item
(0 votes)