May 20, 2024

අද කාලගුණය : වැස්ස නෑ.. ඒත් උදේට රෑට කාළගුණ වෙනසක්

December 27, 2021

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පළාත් 6කට උදෑසන කාලයේ මීදුම් තත්වයක් පවතින බවයි කාළගුණ වාර්තාවේ දැක්වෙන්නේ.

ඒ අනුව දිවයිනේ, බොහෝ ප්‍රදේශවල රාත්‍රී සහ අලුයම කාලවලදී තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, දකුණු සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන බවත් සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ විය හැකි බවත් කාලගුණ අනාවැකියේ සඳහන්. 

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා වැඩි විය හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට මද වශයෙන් රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ඊයේ (26) රත්නපුර දිස්ත්‍රික්කයේ ගල් වැටීමේ අවධානමක් හේතුවෙන් පවුල් 4ක පුද්ගලයින් 14 දෙනෙකු නිවෙස් වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවධානමක් හේතුවෙන් පවුල් 3ක පුද්ගලයින් 12 දෙනෙකු නිවෙස් වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළා.

එමෙන්ම කිලිනොච්චියේ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් එක්‌ පවුලක පුද්ගලයින් 4 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර ආපදා හේතුවෙන් සමස්ත පුද්ගලයින් 34 දෙනෙකු පිඩාවට පත් වී තිබෙන අතර ඔවුන් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 26 December 2021 23:22