May 18, 2024

ශ්‍රිලනිප සංවිධායකවරයෙක් අත්අඩංගුවට (PHOTOS)

December 21, 2021

මස්කෙලිය ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක සහ මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ උප සභාපති පෙරියසාමි ප්‍රදිපන් මහතාව මස්කෙලිය පොලිසිය විසින් අද (21) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරියසාමි ප්‍රදිපන් මහතා මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ ඔහු නියෝජනය කරන පාලන පක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකුට ඉකුත් (13) දින මාසික සභා රැස්විම පැවැත්වෙන අතරතුර පහර දි තුවාල සිදු කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම මන්ත්‍රිවරුන් දෙදෙනාගෙන් පොලිසිය වෙත ලද පැමිණිලි මත පෙරියසාමි ප්‍රදිපන් මහතා සැකපිට අත්අඩංගුවට ගත් බවයි මස්කෙලිය පොලිසිය කියා සිටියේ.

එදින මස්කෙලිය පොලිසියට පැමිණිලි කල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරුන් දෙදෙනා තමන්ට පහර දි තුවාල සිදු කලේ යැයි පවසමින් පෙරියසාමි ප්‍රදිපන් මහතා මස්කෙලිය ප්‍රාදේශිය රෝහලට ඇතුලත් වි දින කිහිපයක් ප්‍රතිකාර ලැබුවා.

රෝහලෙන් ප්‍රතිකාර ලබා පැමිණිමෙන් පසු මස්කෙලිය පොලිසිය විසින් සැකකාර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයාව අද (21) දින අත්අඩංගුවට ගෙන ඇති අතර , සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව මස්කෙලිය පොලිසිය පැවසුවා.

පෙරියසාමි ප්‍රදිපන් මහතාට පහර දුන්නේ යැයි කියන අදාල මන්ත්‍රිවරුන් දෙදෙනාද මස්කෙලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරිමට හැටන් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 December 2021 12:09