May 08, 2024

බන්දුලගෙන් ජනතාවට තවත් බලාපොරොත්තුවක් - අලුත් සහන මල්ලේ තියෙන දේ මෙන්න Featured

December 18, 2021

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් සතොස හරහා ජනතාවට ලබාදීමට නියමිත විශේෂ සහන මල්ල අද (18) පෙරවරුවේ හඳුන්වා දීම වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වුවා,

"මේ භාණ්ඩ ටික වෙළෙඳපොළේ එක ආයතනයක රුපියල් 2,751යි. තවත් ආයතනයක රුපියල් 2,489ක්. අපි සතොස හරහා දෙන්නේ රුපියල් 1,998කට. අපි මේ භාණ්ඩ ටික ගෙදරටම ගෙනල්ල දෙන්න හැදුවා. එතකොට සතොසෙ භාණ්ඩ නෑ කියන කතාව නැති වෙනවා නේ." 

1998 අංකය ඇමතීමෙන් එම සහන මල්ල ඇනවුම් කළ හැකි බවත් සඳුදා සිට බෙදාහැරීමේ කටයුතු ඇරඹීමට සතොස කටයුතු සංවිධානය කර තිබෙනවා.

0115 201 998 අංකයට වට්ස්ඇප් පණිවුඩයක් මගින් ද අදාළ සහන මල්ල ඇනවුම් කිරීමේ හැකියාව පවතිනවා.

එම විශේෂ සහන මල්ල සඳහා සම්බා සහල් කිලෝ 10ක්, දුඹුරු සීනි කිලෝ 2ක්, නූඩ්ල්ස් පැකට් 1ක්, තේ කොළ ගෑම් 100ක්, හාල්මැස්සෝ ගෑම් 250ක්, සබන් කැට 2ක් සහ පපඩම් පැකට් 1ක් ඇතුළත් වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 18 December 2021 22:58