July 02, 2024

උපාධිධාරී පත්වීම් ප්‍රශ්ණයක් වෙයි? 

රජයට බඳවා ගත් උපාධිධාරීන් ස්ථිර කිරීමේ දී උතුරු නැගෙනහිර පළාත්වල අතිරික්ත දමිල උපාධිධාරින් පිරිසක් සබරගමු පළාතේ වතු පාසල්වල ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට දිසාපති සමුළුවේ දී සබරගමු පළාත් ලේකම්වරයා එකඟතාවය පල කර තිබේ.  

මධ්‍යම රජය යටතේ ඇති අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු 138කට මේ වන විට ස්ථිර පත්වීම් ලබා දී ඇති උපාධිධාරීන් සංඛාව 40,564ක් බවත් ඉන් වැඩිම උපාධිධාරීන් පිරිසක් සඳහා ස්ථිර පත්වීම් ලබා ඇත්තේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් වන අතර එය සංඛ්‍යාත්මකව 16,680ක් බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මීට අමතරව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට උපාධිධාරීන් 2,125ක්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව‍ට 1,699ක්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට 1,530ක්, කෘෂිකර්ම අමාත්‍යාංශයට 1,151ක් , අධ්‍යාපන අමාත්‍යාංශයට 879ක් වශයෙන් ස්ථිර පත්වීම් ලිපි මේ වනවිට ලබා දී ඇත.

උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගෙන ඔවුන්ගෙන් 41,000 ක් පමණ ස්ථිර කර ඇති බවත් ඇතැම් පළාත් සභා, උපාධිධාරී වැඩසටහන සාර්ථකව අවසන් කර ගැනීමේ වගකීම මධ්‍යම රජයට පටවා පළාත් සභාවල අවශ්‍ය සහයෝගය ලබාදීම මඟහරිමින් සිටින බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසී ය.

Rate this item
(0 votes)