May 15, 2024

"මේකට කෝල් කරන්න" - බඩු නැහැ කියූ ජනතාවට බන්දුලගෙන් පිළිතුරු (VIDEO)

December 15, 2021

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් වර්ග 50ක බඩු අඩු මුදලකට සතොස හරහා ජනතාවට ලබා දෙන බව ප්‍රකාශ කළා.

ඒ සහන මිලට හාල්, පරිප්පු, සීනි ඇතුළු භාණ්ඩ වර්ග 50ක් ලබා දීම සිදු වෙනවා.

ඒ අනුව නාඩු හාල් කිලෝවක් රු. 99.50 ටත් කීරි සම්බා වෙනුවට පාවිච්චි කළ හැකි සම්බා කිලෝවක් රු. 130 ටත් ගන්න පුළුවන් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එක් අයකුට කිලෝ 5 බැගින් ලබාදෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා එම වැඩ පිළිවෙල දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වන බවත් සඳහන් කරනවා.

එහිදී අමාත්‍යවරයා ස්ථිරවම කියා සිටියේ එම භාණ්ඩ කිසිදු හිඟයකින් තොරව ලංකාවේ ඕනෑම සතොස ශාඛාවකින් ලබා ගත හැකි බවයි. 

නමුත් අප කළ සොයා බැලීමේදී ජනතාව දිගින් දිගටම චෝදනා කළේ සතොසට ගොස් සතොසින් එම භාණ්ඩ ලබා ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවයි.

ඒ අනුව අප වාර්තාකරුවන්ද සඳහන් කර සිටියේ ඇතැම් සතොස වෙළඳසල් ඉදිරියේ දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි. 

කෙසේවෙතත් සතොස හරහා එම භාණ්ඩ නිකුත් කිරීමේදී සිමා පනවමින් භාණ්ඩ නිකුත් කරන බවද අප වාර්තාකරුවන් සනාත කළා.

ඒ සම්බන්ධයෙන් අද හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් වෙළඳ අමාත්‍යවරයා සඳහන් කලේ සතොස තියෙන්නේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ ටික වෙළඳපොලේ පවතින මිලට වඩා අඩුවෙන් ලබා දීමට බවයි.

එහිදී වැඩිදුරටත් සඳහන් කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ,

"ඒක අනිත් ව්‍යපාරවලට හොඳට රිදිලා කියලා කියන්න හොද සාක්ෂියක් තමයි.  කිලෝ 5 දක්වා දෙන ප්‍රමාණය වැඩි කරලා වෙළඳපොළේ මිල පාලනයක් ගැනීමට කටයුතු කරලා තිබීම තමයි සතුටුදායකයම. සම්බා කිලෝ 5 දක්වා දෙන ප්‍රමාණය වැඩි කරලා වෙළෙඳපොළේ මිල පාලනයක් ගැනීම සඳහා තමයි අපි කටයුතු කලේ. ජනතාව සතුටු විය යුත්තේ ඒ ගැනයි. ලංකාවේ කොහෙවත් 125 ට සීනි දෙන්නෙ නෑ. අපි සතොසෙන් දීලා ඒ බලපෑම කරන්නේ අනිත් අයටත් ඒ මිලට ජනතාවට භාණ්ඩ සැපයීමට කටයුතු කිරීමයි. මේ සියලුම ආයතන කටයුතු කරන්නේ ජනතාවට ලැබෙන්න තියෙන වාසිය නැති කිරීමයි. ඒක නෙමෙයි විය යුත්තේ. අපි අමාරුවෙන් තමයි මේ ටික කරන්නේ. ලංකාවේ පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා එකම වේලාවේ එක විදිහට බඩු සපයන්න විදිහක් නෑ. ඔක්කොම බඩු ටික තොග වශයෙන් දුන්නොත් විනාඩි කීපයකින් ඉවර වෙයි. අපි විකුණන මිලට වෙන කෙනෙකුට අලෙවි කරන්න බෑ. එතකොට ඒ තියෙන භාණ්ඩ ටික ඉවර වෙනවා. බහු ජාතික සමාගම්වල කිරිපිටි බෙදාහරින්න නෙමෙයි සතොස තියෙන්නෙ. එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ ටික වෙළඳපොලේ පවතින මිලට වඩා අඩුවෙන් දෙන්නයි සතොස  තියෙන්නේ." 

කිලෝ 5ක් ලබා දෙන බවට ප්‍රකාශ කලද එලෙස සහල් ලබා ගැනීමට නොහැකි බවට ජනතාව කරන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට අමාත්‍යවරයා පිළිතුරු දෙමින් සඳහන් කළේ,

"ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් විදිහට ඔබට පුළුවන් ළඟම තියෙන සතොසට ගිහිල්ලා එහෙම දෙනවද? නැද්ද කියලා බලලා කියන්න. එහෙම වුනහම මට පුළුවන් ඉදිරි කටයුතු කරන්න."

සතොස හරහා ජනතාවට භාණ්ඩ ලබා දීමේදී හිඟයක් පවතිනවාද යන්න පිළිබඳවද අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කර සිටියා. එහිදී අමාත්‍යවරයා මෙසේ සඳහන් කළා,

"ලංකාවේ බඩු හිගයක් තියෙනවනේ. අනුරාධපුරයේ, පොලොන්නරුවේ බඩු ටික එක දවසින් ඉවර වුණොත් මෙහෙ ඉදල බඩු යවන්න ඕනේ. අනික සතොසෙ බඩු හිඟද කියලා බලන්න අවශ්‍ය නෑ. 1998 කතා කරල අවශ්‍ය ඉල්ලීම් කලහම පැය 48 ක් ඇතුලත ගෙදරටම බඩු ටික ගෙනත් දෙනවා.  එතකොට හොය හොය යන්න ඕනෙ නෑ. තමන්ගේ ගෙදරටම බඩු ගෙනත් දෙනවා."

සබැඳි පුවත් : අද සිට "බන්දුල සේල්" : අවසන් දිනය 31

                  වෙළෙඳ ඇමතිගේ කතාවට ලොකු ඉල්ලුමක්! ජනතාව පෝලිමේ - අත්‍යවශ්‍ය ආහාරවලට සීමාවක්

                  වෙළඳ ඇමතිගේ කතාව පුස්සක් - ජනතාවගේ බලාපොරොත්තු සුන්

Rate this item
(0 votes)