July 02, 2024

වරදකරුවන් හුවමාරුවක්

දඬුවම් විඳින තැනැත්තන් භාරදීම සඳහා ශ‍්‍රී ලංකා රජය සහ වියට්නාම රජය අතර ඇති කරගන්නා ගිවිසුමක් වියට්නාම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාගේ ඉදිරි ශ‍්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කිරීමට නියමිත බව රජය පවසයි. 

ශ‍්‍රී ලංකාවේ අධිකරණයක් විසින් ශ‍්‍රී ලංකාවේ දී වරදකට වරදකරු කොට බන්ධනාගාර ගතකිරීමකින් දඬුවම් කරනු ලැබූ යම් වෙනත් රටක පුරවැසියකුට ඔහුගේ දණ්ඩන නියමය ඔහු පුරවැසියකු යැයි හිමිකම්පාන රට තුළ විඳීමට ඒ තැනැත්තාට හැකියාව ලැබෙන විධිවිධාන 1995 අංක 5 දරන වරදකරුවන් භාරදීමේ පනතේ ඇතුළත් වේ. 

එසේ ම යම් නිශ්චිත රටක දී යම් වරදකට වරදකරු කොට බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කරනු ලැබූ ශ‍්‍රී ලාංකික පුරවැසියකුට ඔහුගේ ඉතිරි සිර දඬුවම් කාලය විඳිනු පිණිස ශ‍්‍රී ලංකාවට භාරදීම සඳහා ද මේ පනතෙන් විධිවිධාන සැලසෙන බව රජය අවධාරණය කරයි.

 

Rate this item
(0 votes)