May 01, 2024

ජනපති හදිසියේම සිංගප්පූරුවට!

December 13, 2021

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයා සමග තවත් 05 දෙනෙකු පිටත්ව ගොස් තිබූ බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු පැවසූවේ.

මෙම පිරිස ඊයේ අලුයම 01.00 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්. - 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරු බලා පිටත්ව ගොස් තිබුණි. 

ජනාධිපතිවරයා පෞද්ගලිකව සිදු කරන මෙම සංචාරයේදී දින කිහිපයක් සිංගප්පූරුවේ රැඳී සිටීමට නියමිතව ඇති බවටයි වාර්තා වන්නේ.

එම කාලසීමාව තුළ දී ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටත් නියමිත බව නිල නොලත් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසූවේ.

ජනාධිපතිවරයා මෙලෙස හදිසියේ සිංගප්පූරුව බලා පිටත්ව යෑමත් සමග අද (13) දහවල් පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමටත් ජනාධිපතිවරයාගේ නියෝජනය අහිමි වනවා.

ඒ අනුව අද දහවල් පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වෙනු ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බවයි වාර්තා වන්නේ.

(කටුනායක - ටී.කේ.ජී. කපිල)

Rate this item
(1 Vote)
Last modified on Monday, 13 December 2021 15:03

Related items