May 17, 2024

කිරිපිටි බෙදාහැරීම නැවතිලා - වෙළදසැල් වසා දමයි

December 13, 2021

හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගර වලට කිරිපිටි සමාගම් විසින් කිරිපිටි පැකට් බෙදා හැරිම සිදු නොකල නිසා පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බව වෙලදුන් කියා සිටිනවා.

කිරිපිටි මිල සමාගම් විසින් වැඩි කලද වෙලදපොලට කිරිපිටි තොග නිකුත් නොකිරිම නිසා තම ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බවයි වෙලදුන් කියා සිටින්නේ.

කිරිපිටි සමාගම් විසින් කිරිපිටි පැකට් තම වෙලදසැල් වෙත නිකුත් නොකිරිම නිසා තම වෙලදසැලේ කිරිපිටි පැකට් ප්‍රදර්ශනය කිරිම සදහා වෙන් කර ඇති රාක්ක පාළුවට ගොස් ඇති බව එම වෙලදුන් පැවසුවා.

මේ අතර නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල පවත්වාගෙන යන අඹේවෙල, හයිලන්ඩ් කිරි අලෙවි වෙලදසැලටද කිරිපිටි තොග නොලැබිම නිසා එම වෙලදසැල් වසා දමා ඇති අයුරු අප කැමරාවේ සටහන් විය.

හැටන් රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)
Last modified on Monday, 13 December 2021 11:59