July 02, 2024

ශ්‍රීමත් ආතර් සී ක්ලාක් ගුණ සමරු දේශනය 

ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතාගේ ගුණ සමරු දේශනය අප්‍රේල් 07 වැනි දා පස්වරු 04.45 ට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අන්තර්ජාතික අධ්‍යන පිළිබඳ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.

ආතර් සී ක්ලාක් ශ්‍රී මතාණන්ගේ ගුණානුස්මරණය කරමින් ඔහුට උපහාර දක්වමින් ගුණ සමරු දේශන මාලාවක් ආතර් සී ක්ලාක් ආයතනය 2009 වසරේ සිට පවත්වනු ලබයි. 

නවීන තාක්ෂණ තොරතුරුවලින් යුත් ගුණඅනුස්මරණ දේශනයක් පැවැත්වීමට ආතර් සී ක්ලාක් ආයතනය කටයුතු කරන අතර නිරන්තරයෙන් දෙස් විදෙස් සුපතල විද්‍යාඥයින්ගේ සම්පත් දායකත්වය ඒ සඳහා ලබාගනී.

ආතර් සී ක්ලාක් මහතාගේ ගුණ සමරු දේශනය හොංකොංහි චීන විශ්වවිද්‍යාලයේ පෘථීවි සහ අභ්‍යවකාශ තොරතුරු විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය හුයිලින් මහතා විසින් සිදු කෙරේ.

Rate this item
(0 votes)