May 06, 2024

මේ පාරෙන් එන්න - කොළඹ එන අයට දැනුම්දීමක් Featured

November 27, 2021

කොළඹ මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා පස්වරු 4 සිට රාත්‍රි 7 දක්වා ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුවේ සිට කුරුදුවත්ත දක්වා වාහන ගමන් ගන්නා මාර්ගය වෙනස් කර තිබෙනවා.

ඒ අනුව අද (26) සිට පස්වරු 4 සිට රාත්‍රි 7 දක්වා කොල්ලුපිටිය මංසන්ධිය හරහා එම ප්‍රදේශයට ගමන් කිරීම අත්හිටුවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ වෙනුවට කොළඹ කොටුවේ සිට පැමිණෙන රථවාහනවලට උද්ඝෝෂණ පිටිය අසලින් හරවා බාලදක්ෂ මාවත අලියා නාන වටරවුම, උත්තරානන්ද මාවත, පෙරහර මාවත සහ පිත්තල හන්දිය හරහා කුරුදුවත්ත දෙසට ගමන් කළ හැකියි.

Rate this item
(1 Vote)