May 17, 2024

මෛත්‍රීපාල, දයාසිරි, මහින්දානන්ද ලඟදීම පොදු එකඟතාවයකට: අනුර කුමාරගෙන් අනාවැකියක්

November 26, 2021

ඉතා නුදුරේම ආණ්ඩු පක්ෂය තුළ ඇති වන පොදු සම්මුතියක් පිළිබඳව අනාවැකියක් ජාතික ජන බලවේග මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පළ කළා.

ඒ මෛත්‍රිපාල සිරිසේන , දයාසිරි ජයසේකර හා මහින්දානන්ද අලුත්ගමගේ යන ආණ්ඩු පක්ෂ නියෝජිතයින් ඉතා නුදුරේම පොදු සම්මුතියකට එන බවටයි.

වලේ කතාව යලි කරළියට

ඊයේ (25) හිටපු ජනපති හා ශ්‍රී.ල.නි.ප සභාපති මෛත්‍රිපාල සිරිසේන හා එහි මහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන් මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සමග පාර්ලිමේන්තුව එකිනෙකාට චෝදනා කරගනිද්දී කියූ "තවත් වල හාරමුද" යන කතාව පදනම් කරගෙනයි මන්ත්‍රීවරයා මේ ගිය ලබා දුන්නේ.

ඔවුන් එකිනෙකාට චෝදනා කර ගනිද්දී මහින්ද රාජපක්ෂ මහතා පිරිවර සමග ගිය ගුවන් ගමන් , පාවිච්චි කළ වාහන පිළිබඳ කුණු රැසක් එළියට ආ බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඉදිරි බලාපොරොත්තුව

ඒ ආකාරයට තව දුරටත් ආණ්ඩු පාර්ශවයේ ගැටුම් ඇති කර ගැනීම හොඳ බවත් එවිට ඒවා බලා සිටීමට තම පාර්ශවයට අවස්ථාවක් ලැබෙන බවත් දිසානායක මහතා සදහන් කළා.

ඒ නිසා තව දුරටත් මේ කුණු වල හෑරුවහොත් ආණ්ඩුවේම පාර්ශව වල තව තව කුණුත් එලියට එන බැවින් ඉදිරියට එම කුණු වල හාරා නොසිටීමේ එකඟතාවයකට ඒ ගැටුණු පාර්ශව එන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

මෛත්‍රීපාල , දයාසිරි , මහින්දානන්ද ලඟදීම පොදු එකඟතාවයකට : මන්ත්‍රීවරයෙකුගේ අනාවැකියක්

Rate this item
(2 votes)
Last modified on Friday, 26 November 2021 14:55