තවත් ආණ්ඩු පෙරළියකට සැරසෙනවා ද යන්න ප්‍රශ්නාර්ථයකට ලක් කරන ඡායාරූපයක් මේවන විට අන්තර්ජාලයට එක් කර තිබෙනවා.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වන මලික් සමරවික්‍රම මහතා එකම කෑම මේසයක හිඳ ආහාර ගන්නා මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ ඉහල ප්‍රතිචාර ලබමින් සංසරණය වෙනවා.
මේ හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාද එක්ව සිටීම විශේෂ කාරණයක් වුණා.
"ආණ්ඩු පෙරළන්න මලික් ගෙදර චන්දිම චන්ද්‍රිකා සාකච්ඡා" යනුවෙන් ඇතැම් සමාජ මාධ්‍ය හරහා මෙම හමුව වාර්තා කර තිබුණා.
නමුත්ද වාර්තා වන්නේ මෙම හමුව සිදුවී ඇත්තේ ගාල්ලේ තල්පේ අලුතෙන් ඉදිවන හිටපු ජනාධිපතිනියගේ නිවසක බවයි.
එම නිවස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාගේ නිවස ආසන්නයේම පිහිටා ඇති බවද වාර්තා වනවා.