July 02, 2024

හලාවත දුම්රිය ගමන නවතයි ?

සීදුව සහ කටුනායක අතර දුම්රිය  ධාවන කටයුතු අද රාත්‍රි 9.30 සිට හෙට පස්වරු  4.30 දක්වා  අත්හිටුවීමට  දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත .මාර්ගයේ  අලූත්වැඩියාවක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි .මේ නිසා කොටුවේ සිට ගමන් ගන්නා  දුම්රිය සියල්ල සීදූව දක්වා පමණක් ගමන් ගන්නා අතර හලාවත සිට පැමිණෙන දුම්රිය මීගමුව දුම්රිය ස්ථානය තෙක් ගමන් ගනී .

මේ අතර හෙට පෙරවරු  07.40 ට පුත්තලම බලා ධාවනය වීමට නියමිත දුම්රිය අවලංගු කර ඇත .

Rate this item
(0 votes)