පළාත් සභා මැතිවරණය තිබ්බොත් සමගි ජන ජන බලවේගයේ මන්ත්රීවරුන් 7 දෙනෙකු ඉල්ලා අස්වීමට සූදානම් බව නලින් බණ්ඩාර මන්ත්රීවරයා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා.
ඒ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා බවයි මන්ත්රීවරයා සඳහන් කරන්නේ.
හැකි නම් තියන්න
ඒ නිසා හැකි නම් 2022 මැතිවරණය තබා පෙන්වන ලෙස මන්ත්රීවරයා ආණ්ඩුවට අභියෝග කළා.
එසේ තබන මැතිවරණය ජයග්රහණය කරන හැටි සමගි ජන බලවේගය දන්නා බවයි මන්ත්රීවරයා අනාවරණය කරන්නේ.
කෙලින්ම මහ මැතිවරණය
පළාත් සභා හෝ පළාත් පාලන මැතිවරණයක් නොපවත්වන බවත් ආණ්ඩුවට වසර දෙක හමාර පිරෙද්දී කෙළින්ම මහ මැතිවරණයකට යාමට ආණ්ඩුව සූදානමින් සිටින බව පාර්ලිමේන්තුවේදී අද (22) ආණ්ඩු පක්ෂ මන්ත්රීවරයෙක් සඳහන් කළ බවයි බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ.
ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ට ගමකට ගොස් රැස්වීමක් පැවැත්වීමට බැරි තත්ත්වයටම අද ඇද වැටී ඇති බව මන්ත්රීවරයා සඳහන් කළේ හැකිනම් ගමකට ගොස් රැස්වීමක් පවත්වන්නයි ආණ්ඩු පක්ෂයට මන්ත්රීවරයා අභියෝගයක්ද එල්ල කරමින්.