May 18, 2024

ජනතාවගේ ජීවිත අනතුරේ! පාරේ මහ රෑ රේස් පදින කල්ලියක් - පිටුපස අමුතු වැඩක් (VIDEO)

November 22, 2021

මීට සති දෙකකට පමණ පෙර මේ ආකාරයට මාලඹේ ප්‍රදේශයේ පැවැත්වූ ත්‍රිරෝද රථ ධාවන තරගයක් අතරතුර ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීමෙන් එම ත්‍රීරෝද රථය පැද වූ පුද්ගලයා බරපතළ ලෙස තුවාල ලැබුවා.

මාධ්‍ය ඔස්සේ වරින් වර මෙවැනි හෙළිදරව් සිදු කරන අතරවාරයේ මෙම තරග මුදල් ඔට්ටුවට සංවිධානය කරන පුද්ගලයින් ඉතා සූක්ෂම ලෙස ඒවා සංවිධානය කර ගැනීමට කටයුතු කරනු ලබනවා.

මේ සඳහා ඔවුන් බොහෝ විට භාවිත කරනුයේ මිතුරන් අතර පමණක් වෙන්වූ ෆේස්බුක් සමාජ ජාලා පිටු මෙම සමාජ ජාලා පිටුවක් ඔස්සේ තරඟ පැවැත්වෙන දිනය වේලාව සහ ස්ථානය පිළිබඳව ඔවුන්ගේ සෙසු සාමාජිකයින් දැනුවත් කරන අතර එම තරග වල වීඩියෝ පට මුදා හැරෙන්නේ ද එම ෆේස්බුක් පිටු වලට පමණක් වීමත් විශේෂත්වයක්.

ලොව බොහෝ දියුණු රටවල මේ ආකාරයේ නවීකරණය කරන ලද මෝටර් රථ ධාවන තරග පැවැත්වෙනවා නගරයේ වීථී ඔස්සේ සාමාන්‍ය රථවාහන ධාවනයේදී සිදු කෙරෙන මෙම තරග මෝටර් රථ ධාවනය අනතුරේ හෙළන ඔවුන්ගේ ජීවිත පමණක් නොවේ ඒ හරහා මෙම තරඟ ධාවකයින් නගරයේ වීථි වල සැරිසරනා පදිකයින් මෙන්ම අනෙකුත් මෝටර් රථ ධාවකයින්ගේ ජීවිතද අනතුරේ හෙළනවා.

ශ්‍රී ලංකාවේ මෝටර් රථ නියාමන පනත අනුව මේ ආකාරයේ ප්‍රධාන මාර්ගවල ධාවන තරග පැවැත්වීම නීති විරෝධී කාරණයක්.

මේ සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වරින් වර ක්‍රියාත්මක වුවද මෙම නොහික්මුණු ජාවාරම්කාර තරඟ සංවිධායකයින් මර්දනය කිරීමට හෝ ඔවුන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ.

Rate this item
(0 votes)
Last modified on Monday, 22 November 2021 14:21