අභියෝග මැද වුවද රජය රටේ ආර්ථික හා සමාජයීය යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම අඛණ්ඩව සිදුකරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.
ඒ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදී අදහස් දක්වමින්.
රට මුහුණදී ඇති අභියෝග ජය ගැනීමට රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල සමග අත්වැල් බැඳගෙන රටේ ඉදිරි ගමනට දායක වන්නැයි තමා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බවද හෙතෙම සඳහන් කළා.