May 02, 2024

නාය යෑම් ගැන අනතුරු ඇඟවීමක්

November 16, 2021

දිස්ත්‍රික්ක හතක තවදුරටත් නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි මෙම නායයෑමේ අවදානම පවතින බව එම සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසුවා.

වැසි සහිත කාලගුණ තත්වය තවමත් පැවතීම හේතුවෙන් මෙම අවදානම පවතින බව ද ඔහු සඳහන් කළා.

එම දිස්ත්‍රික්කයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව ඔහු සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 November 2021 10:40