May 08, 2024

උද්ඝෝෂණයට ඉඩ : පොලිස් ඇමති බලාපොරොත්තු සුනේ සුන්

November 16, 2021

සමගි ජන බලවේගය අද (16) කොළඹ දී උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතයි.

එම උද්ඝෝෂණය පැවැත්වීමට පොලිසිය භාර ඇමතිවරයා හැටියට තමන් ඉඩ දෙන්නේ නැති බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා මාධ්‍ය අමතා ප්‍රකාශ කර සිටියා.

මම ඉඩ දෙන්නේ නැහැ

"කවුරු කෙසේ කීවත් පොලිසිය භාර ඇමැතිවරයා හැටියට මම ඒකට ඉඩ දෙන්නේ නැහැ.අධිකරණ නියෝගයක් ආවොත් අනිවාර්යෙන්ම ඒ නීති විරෝධී ජනරාශි , ජන රැලි , නීති විරෝධී උද්ඝෝෂණ අනිවාර්යෙන්ම නවත්වනවා.නවත්තලා ඒක කරන්න මූලික වන අයට අපි නඩු දානවා."

එහෙත් වීරසේකර අමාත්‍යවරයාගේ ඒ බලාපොරොත්තු සියල්ල මේ වන විට බිද වැටී අවසන්.

ඒ සමගි ජන බලවේග උද්ඝෝෂණය කොවිඩ් වසංගත තත්ත්වය මුල් කරගත් සෞඛ්‍ය හේතූන් මත තහනම් කරන ලෙස කොළඹ පොලිසි රැසක් අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති නිසා.

පොලිසි තුනක් වෙනුවෙන්

කොවිඩ් වසංගත අවදානම මත මෙම උද්ඝෝෂණය තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසට කෙසෙල්වත්ත , වේල්ලවීදිය , ආදුරුප්පු වීදිය යන පොලිස් කොට්ඨාශ වෙනුවෙන් පෙනී සිටී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම තහනම් නියෝගය නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස , එහි ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් ඇතුළු පිරිසක් 16 දා කොළඹ කෙසෙල් කෙසෙල්වත්ත ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව සඳහන් කරමින්.

එහෙත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා එම ඉල්ලීම ඊයේ (15) ප්‍රතික්ෂේප කරමින් නියෝගයක් නිකුත් කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 November 2021 07:03

Related items