May 02, 2024

දඩ මුදල් වෙනසක්? පොලීසියෙන් නිවේදනයක් Featured

November 13, 2021

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන රථවාහන වැරදි සම්බන්ධයෙන් අය කරනු ලබන දඩ මුදල් පිළිබඳ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිසිය පවසනවා.

පොලිස් මූලස්ථානය නිවේදනය නිකුත් කරමින් සඳහන් කරන්නේ සංශෝධිත මාර්ග රථවාහන පනත ලෙස සඳහන් කරමින් මේ වනවිට විවිධ සමාජ මාධ්‍ය තුළ වැරදි පුවතක් සංසරණය වන බවය.

එම පුවතේ දක්වා ඇති ආකාරයට රථවාහන වැරදි සහ දඩ මුදල් නීත්‍යානුකූල ලෙස මෙතෙක් ප්‍රකාශිත නීතියේ සඳහන් වැරදි සහ දඩ මුදල්වලට වඩා වෙනස් බව නිරීක්ෂණය වන බවද එම නිවේදනයේ දැක්වෙනවා.

මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් වන අතර එය සමාජ මාධ්‍ය තුළ හුවමාරු කිරීමෙන් වළකින ලෙසද පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

රථ වාහන දඩ මුදල් පිළිබඳ සමාජ මාධ්‍යයේ හුවමාරු වන අසත්‍ය නිවේදනය පහතින්.

Rate this item
(2 votes)
Last modified on Saturday, 13 November 2021 19:10