May 02, 2024

ශිෂ්‍යත්ව,O/Lසහ A/L ප්‍රශ්න පත්‍ර සැකසීමේ වෙනසක්

November 13, 2021

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග පාසල් පැවැත්වීමට බාධා එල්ලවීම හේතුවෙන් ඉදිරි විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයන් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සැකසීම සම්බන්ධයෙනි.

ඊට අදාළ චක්‍රලේඛයක් ඉදිරියේදී නිකුත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ පාසැල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල් එම් ඩී ධර්මසේන සඳහන් කළේ.

"පාසල් වහන්නේ නෑ..වහන්න විදිහක් නෑ. විභාග තියා ගන්න ඕනේ. ලොකු ප්‍රශ්නයක් ආවොත් තමයි ගැටලුවක් වෙන්නේ. ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඉදිරියේදී නිකුත් කරනවා ශිෂ්‍යත්ව විභාගයට මෙන්න මේ විෂය කරුණු තමයි ඇගයීමට ලක්වෙන්නේ කියලා චක්‍රලේඛයකින්. දැනටමත් ගණනය කරලා තියෙන්නේ. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පිළිබඳවත් අධ්‍යයනය කරමින් පවතිනවා. ඒ කමිටුවලින් ලැබෙන නිර්දේශ අනුව දැනුවත් කිරීම් ළලමයින්ට කරන්න බලාපොරොත්තු වෙනවා. ලිහිල් කිරීමක් නෙමෙයි. මෙන්න මේ විෂය කොටස් ඇගයීමට ලක්වෙනවා කියලා." යැයි ඔහු සඳහන් කළා.

11 ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා වූ පාසල් සිසුන්ගෙන් සියයට 73ක ප්‍රතිශතයකට කොවිඩ් එන්නත ලබාදී අවසන් බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරයා කියා සිටියා.  

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 November 2021 19:20