April 30, 2024

මේ අය - වැය නිසා බැසිල් ඉතිහාසගත වෙනවා : ඇමැති බන්දුල ගුණවර්ධන

November 13, 2021

කොවිඩ් වසංගත නිසා කඩා වැටිච්ච රටකට මෙවැනි අය - වැය ලේඛනයක් ඉදිරිපත් කිරීම අභියෝගාත්මක කාර්ය භාරයක් බවයි ආණ්ඩුව පාර්ශ්වයෙන් අය - වැය විවාදය ආරම්භ කරමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ.

එවන් පසුබිමක් තුළ එම කාර්ය භාරය නිසි අයුරින් ඉෂ්ට කළ මුදල් ඇමතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉතිහාසයට එක් වන බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

වෙනස්ම යුගයක අය - වැය

නිදහසින් පසු මෙරට ඉතිහාසය මුහුණ දුන් වෙනස්ම යුගයක බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම අය - වැය ඉදිරිපත් කළ බව පෙන්වා දෙන අමාත්‍යවරයා මීට පෙර හිටපු කිසිදු මුදල් අමාත්‍යවරයෙක් මෙවැනි වසංගත තත්ත්වයක් තුළ අය - වැයක් ඉදිරිපත් කර නොමැති බවත් සඳහන් කරනවා.

ඒ හැරුණු කොට ගෝලීයවද මෙවැනි වසංගතයක් තිබෙන අවස්ථාවක මීට පෙර ලංකාවේ මෙවැනි අය - වැයක් ඉදිරිපත් වී නැති බවත් ගුණවර්ධන මහතා පෙන්වා දෙනවා.

2020 මෙරට ඉතිහාසයේ රින 3.6 ක ආර්ථික වර්ධන වේගයක් තිබුණු බවත් එවන් තත්ත්වයක් තුළ සිටින ආණ්ඩුවකට අය වැයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව නොලැබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ උදාහරණයක්ද සමගින්.

චන්ද්‍රිකා ආණ්ඩුව

ඒ 2001 වර්ෂයේ චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ සමයේ තිබූ රින ආර්ථිකය මත එම අය - වැය ඉදිරිපත් කලේ අලුතින් බලයට පැමිණියේ එක්සත් ජාතික පෙරමුණු රජය බවයි අමාත්‍යවරයා එසේ පෙන්වා දෙන්නේ.

අය - වැය විවාදය ආරම්භ කරමින් විපක්ෂය පාර්ශ්වයෙන් කතා කළ ආචාර්ය හර්ෂ ද සිල්වා අය වැයේ තිබෙන කරුණු ගැන නොව හුදෙක්ම දේශපාලන කතාවක් කිරීම පිළිබඳවද තමා කනගාටු වන බවද ගුණවර්ධන මහතා අවධාරණය කරනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 November 2021 11:50