පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමිගේ සභාපති පත් වීමට රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාද ප්‍රතිචාර දක්වනවා.
ඒ උන් වහන්සේව එක් රටක් එක් නීතියක් නිර්මාණය කිරීම සදහා වූ ජනපති කාර්ය සාධන බලකායේ සභාපතිවරයා කිරීම පිළිබඳව.
නීති හැදීමේ වගකීම
උන් වහන්සේ ගේ සභාපතිත්වයෙන් යුත් එම කාර්ය සාධන බලකාය විසින් සකසන කිසිදු නීතියකට තමන් අත උස්සන්නේ නැති බව රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කරනවා.
නීති රීති හැදීමේ වගකීම තිබෙන්නේ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවට මිස පිටස්තර පුද්ගලයින්ට නොවන බවයි ඊට හේතුව ලෙස ප්‍රේම් ජයන්ත් මහතා පෙන්වා දෙන්නේ.
රාජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු හෙළිදරව් කළේ ඒෂියන් මිරර් සමඟ කළ සාකච්ඡාවකදී.
අච්චු ලබා සිටීම
අධිකරණයකින් අච්චු ලබා සිටින උන් වහන්සේව එක රටක් එක නීතියක් නිර්මාණය කිරීම සඳහා වූ කොමිසමක සභාපති කිරීම පිළිබඳවද එම සාකච්ඡාවේදී විමසීමක් කළා.
ඊට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ වාඩිවී සිටින ඇතැම් කැබිනට් ඇමතිවරුන්ගේ පොලිස් වාර්තා සොයා බැලීමද වැදගත් බවයි.
ආණ්ඩුවේ සිටින කැබිනට් ඇමතිවරු රැසකටම පොලිසිවල හා අධිකරණ වල චෝදනා තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.