April 30, 2024

(EXCLUSIVE) බැටරි නැතුව ලංගම බස් රථ රැසක් ධාවනයෙන් ඉවතට: සිද්ධිය ඇත්ත විසඳුම ලඟදීම - ලංගම සභාපති

November 12, 2021

ශ්‍රී ලංගම බස් රථ රැසක් බැටරි නොමැතිකමින් ධාවනය නවතා දමා ඩිපෝවල ගාල් කර තිබෙනවා.

හෝමාගම ඩිපෝවේ පමණක් බස්රථ 21ක් බැටරි නොමැතිකමින් එසේ ගාල් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

සිද්ධිය ඇත්ත

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් ලංගම සභාපති කිංස්ලි රණවක මහතාගෙන් විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ සිද්ධිය ඇත්ත බවත් තමන්ට ඒ සම්බන්ධයෙන් සෑම ඩිපෝවකින්ම තොරතුරු ලැබී ඇති බවත්ය.

මේ වන විටත් අවශ්‍ය බැටරි බ්‍රවුන්ස් සමාගම හරහා ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව ඇමතිවරයා සඳහන් කරනවා.

එම සමාගම සතුව නිෂ්පාදනය කරන ලද බැටරි නොමැති බව පෙන්වා දෙන සභාපතිවරයා ලංගමට අවශ්‍ය බැටරි ඇණවුම ලබා දුන් පසු එම බැටරි නිෂ්පාදනය කිරීමට එකඟ වූ බවයි සඳහන් කරන්නේ.

නිරෝධායනය ඇඳිරි නීතිය

කොවිඩ් වසංගතය හේතුවෙන් පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය මත ලංගම බස් රථ එක තැන තැබීමද මෙසේ බැටරි නරක් වීමට හේතු වූ බවත් සභාපතිවරයා පෙන්වා දෙනවා.

නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව තුළ බස් රථ වල ඇන්ජින් පණ ගන්වා ටික වේලාවක් තබන ලෙස ලංගම ඩිපෝ වලට උපදෙස් ලබා දුන්නද එය හරියාකාරව ක්‍රියාත්මක නොවූ බවයි සභාපතිවරයා අවධාරණය කරන්නේ.

ඉදිරි සතිය තුළ ලංගම ඩිපෝ මුහුණ දී සිටින බැටරි ප්‍රශ්නය විසඳන බව සදහන් කරන සභාපතිවරයා අදද (12) ලංගමට ලබාදීම සඳහා බැටරි කීපයක් ලැබීමට නියමිත බවත් පෙන්වා දෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 November 2021 11:31