May 01, 2024

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

November 12, 2021

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ උතුරු පළාතේ පෙරවරු කාලයේදී වැසි ඇතිවිය හැකි බවයි.

ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ නිවේදනයේ සඳහන් වෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.

දිවයින හරහා විටින්විට හමන පැ.කි.මි. (40-50) පමණ තද සුළං පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් වාර්තා කරනවා.

මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙනවා.

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 65,580ක පුද්ගලයින් 230,185 දෙනෙකු පීඩාවට පත්වී තිබෙනවා.

Rate this item
(0 votes)