April 30, 2024

රිළවුන් මරන්න ගිය සෙනවිරත්න ජීවිතයෙන් සමුගනී

November 12, 2021

තමන්ම ඇටවූ උගුලක පැටලී මියගිය පුද්ගලයෙකු පිළිබඳ පුවතක්  ඌව පරණගම, අඹගස්දෝව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පී.එස්.එම්. සෙනවිරත්න නමැති 67 හැවිරිදි තිදරු පියෙක්.

මෙම පුද්ගලවා අර්තාපල් වගාකරුවෙකු බව සඳහන්.

සිය අර්තාපල් වගාව රිළවුන්ගෙන් ආරක්ෂා කරගැනීමට මෙම තැනැත්තා විදුලි උගුලක් අටවා තිබෙනවා.

පොලීසිය පවසන්නේ අදාළ වගා බිම ආසන්නයෙන් ගමන් ගන්නා අධි බලැති විදුලි රැහැණකින් මෙම පුද්ගලයා නීති විරෝධීව විදුලිය ලබා ගෙන මෙම උගුල අටවා ඇති බව යි.

කෙසේ වෙතත් අදාළ වගාකරුම තමා ඇටවූ උගුලේ පැටලී විදුලි සැර වැදී මරණයට පත්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

පෙරේදා පේරවැල්ල ප්‍රදේශයේ බෑවුම් සහිත බිමක තිබී සිරුර හමු වූ බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ඌව පරණගම, අඹගස්දෝව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 November 2021 13:05