April 30, 2024

"පාදෙණිය මහත්තයා වැඳ වැටිලා ලේකම්කම අරන් දෙන්න කිව්වා" දෙපිට කාට්ටු වැඩ හෙළිකළොත් පාදෙණියට යන්න තැනක් නෑ

November 12, 2021

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සිය පන්සලට පැමිණ තමන් වහන්සේට දණ ගසා වැඳ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ධූරය තමන්ට ලබා ‌ගැනිමට උපකාර කරන ලෙස ඉල්ලා සිටි බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හෙළිදරව් කළා.

උන්වහන්සේ කියා සිටියේ ඒ සදහා තමන්ට සාක්ෂි ඇති බවත් එම අවස්ථාවේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාත්  එම ස්ථානයේ සිටි බවත්ය.

එහිදී වෛද්‍ය පාදෙණිය මහතා ජයරුවන් බණ්ඩාර මහතාට කියා සිටියේ "අනේ සර් හාමුදුරුවොත් එක්ක කතා කරලා මට මේකට අනුමැතිය අරන් දෙන්න" යැයි කියා සිටි බවයි උන්වහන්සේ පැවසූවේ.

ඒ වෙලාවේ තමන්ගේ වාසියට පාදෙණිය මහතා එසේ කළ බවත්, ඒ මහතා කළ දෙපිටකාට්ටු වැඩ හෙළිකළොත් යනඑන මං නැතිවනු ඇති බවද උන්වහන්සේ කියා සිටියා.

පාදෙණිය මහතා අද වෙනස් වී ඇති බවද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 12 November 2021 11:25