April 30, 2024

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටි රන්ජන් කොළඹට

November 12, 2021

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඇතිවූ දණහිසේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඊයේ (11) කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසනවා.

ඒ අනුව, කොළඹ ජාතික රෝහලේ විකලාංග වෛද්‍ය සායනයට ඉදිරිපත් කළ ඒ මහතා, වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු නැවත කොළඹ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ගිය බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා සඳහන් කළා.

එම වෛද්‍ය සානයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වැනිදා නැවතත් රන්ජන් රාමනායක මහතා ඉදිරිපත් කරන ලෙසට එහි වෛද්‍යවරු සදහන් කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

ඒ හේතුවෙන් ඔහු කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ රදවා තබන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

රන්ජන් රාමනායක මහතාට දණහිසේ ඇති වූ හදිසි රෝගාබාධයක් හේතුවෙන් ඉකුත් ජුලි මස 10 වැනිදා සිට සතියකට ආසන්න කාලයක් ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිත සිව් අවුරුදු සිරදඩුවම් නියම වූ රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරය විසින් අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගනු ලැබ තිබුණේ ඉකුත් ජුනි මස 26 වැනිදාය.

රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙම සිර දඩුවම නියම කෙරුණේ ඉකුත් ජුනි මස 12 වැනිදාය. පසුව, මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ රැඳවුම් මධ්‍යස්ථානයේ දින 14ක නිරෝධායනය අවසන් කිරීමෙන් පසු ඒ මහතාව බන්ධනාගාරය අගුණකොළපැලැස්ස බන්ධානාගරය වෙත රැගෙන ගොස් තිබිණී.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 November 2021 11:29