April 30, 2024

ජනපතිගේ තීන්දුවට එරෙහිව ඇමතිගෙන් කැබිනට්ටුවට යෝජනාවක්

November 12, 2021

යූරියා ගෙන්වීමට තමා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කරන බව ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසනවා.

අද වකුගඩු රෝගීන්ද රසායන පොහොර ඉල්ලා උද්ඝෝෂණයේ යෙදී සිටින බවද ඒ ඇයි දැයි තමාට ප්‍රහේලිකාවක් බවද හෙතෙම සඳහන් කළා.

පොස්පරස් පොටැසියම් මේ රටේ තිබුණද නයිට්‍රජන්වල ප්‍රශ්නයක් තිබෙන බවත් ලබන වසර සඳහා යූරියා සියයට 50ක් ගෙන්වා 2023වර්ෂයේ දී එය සියයට 25ක් දක්වා අඩු කරගෙන ඊට පසු කාබනික පොහොර වැඩපිළිවෙළට යා හැකි බවත් අමාත්‍යවරයා කියා සිටියා.

ජනාධිපතිවරයා කාබනික පොහොර තීරණය ගත්තේ සද්භාවයෙන් බවද වකුගඩු රෝගීන් ගැන සිතා ඔහු මෙම තීරණය ගෙන සියලු දෙනාගේ සහයෝගය ඉල්ලා සිටි බවද ඇමතිවරයා පැවසුවා.

ඔහු මෙසේ පැවසුවේ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධාන) (සංශෝධන) පනත් කෙටුම්පත, සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත් කෙටුම්පත, ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත යටතේ නියෝගය, ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 November 2021 11:31

Related items