May 03, 2024

කහටගස්දිගිලිය උණුසුම් - පොලීසියටත් ප්‍රහාරයක් Featured

November 07, 2021

කහටගස්දිගිලිය කුරුක්කුරාගම ප්‍රදේශයේදී ඊයේ (06) පොලිස් නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය අවස්ථාවකදීයි.

අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ එම වැටලීමේදී හොරොයින් ග්‍රෑම් 27ක් සමග 18 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී එම ස්ථානයට පැමිණි පිරිසක් පොලිස් නිලධාරීන්ට පහරදී සැකකරු මුදාගැනීමට උත්සාහ දරා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

පහරකෑමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාවන් 06 දෙනෙකු ඒ අතර වන බව පොලීසිය පවසනවා.

සැකකරුවන් සහ සැකකාරියන් අද (07) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Rate this item
(0 votes)

Related items