May 03, 2024

පොලිස් ලොක්කන් රැසකගේ පුටු මාරුවක්! CID ලොක්කත් ඒ අතර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ ඇතුලු නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු, සහකාර පොලිස් අධිකාරීවරුන් හත්දෙනෙකු සහ පොලිස් ස්ථානාධිපතිවරු හත්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර යවා තිබෙනවා.

ඒ අනුව මාතර සහ හම්බන්තොට හිටපු වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයු කළ  ප්‍රසාද් රණසිංහ පොලිස් මූලස්ථානයට කැඳවා තිබෙනවා.

එමෙන්ම ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි නුවන් වෙදසිංහ මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පත්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 October 2021 00:16

Related items