May 10, 2024

"අධිරාජ්‍යවාදීන් විදිහට ලෝකය පාලනය කරපු රටවලත් ගෑස් නැහැ" - නාමල්ගේ ගෑස් කතාව

“කොවිඩ් 19 වසංගතයත් සමග ලෝකයම අර්බුදයකට වැටී තිබෙනවා. අපි දැක්කා බටහිර අධිරාජ්‍යවාදීන් ලෙස ලෝකේ පාලනය කරපු අය අද වෙද්දි ගෑස් නොමැතිව හමුදාව යොදවාගෙන ගෑස් බෙදා හැරීම සිදු කරනවා.” යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා.

ලෝකේ හැම රටකම මෙම අර්බුදය තිබෙන බවත් අසල්වාසී රටවලත් එසේ සිදු වී තිබෙන බවත් ශ්‍රී ලංකාවටත් එහි යම්කිසි බලපෑමක් සිදු වී ඇති බවද අමාත්‍යවරයා එහිදී පවසා සිටි අතර ඔහු කියා සිටියේ “අපි මෙම වසංගතයට මුහුණ දෙන්න අවශ්‍යයි.” ලෙසිනි.

වංසගතය ව්‍යාප්තිය පාලනය කරමින් රට විවෘත කර රටේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයකට ගෙන ආ යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා කියා සිටියේ මෙරට රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වී තිබෙන බව අමතක නොකළ යුතු බවයි.

රැකියා අහිමි පිරිසට නැවත රැකියා ලබාදීමට රට සක්‍රීය විය යුතු බවත් ඒ සඳහා නිෂ්පාදන ආර්ථිකයක් කරා ගමන් කළ යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියා.

මෙම ගෝලීය වසංගතය හේතුවෙන් විදේශවලින් එන භාණ්ඩවල මිල යම් විදියකට වැඩිවී තිබෙන බව පෙන්වා දෙන නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කියා සිටියේ එම තත්ත්වය තාවකාලික බවයි.

භාණ්ඩ මිල අඩු කිරීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ “භාණ්ඩවල මිල අඩුකරන්න පුලුවන් පළමු අවස්ථාවේදීම ඒවායේ මිල ගණන් අඩු කරන්න ආණ්ඩුවක් විදියට අපි මැදිහත් වෙනවා” ලෙසිනි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (14) හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහන් කිහිපයක් සදහා සහභාගීවෙමින් සිටියදී මාධ්‍යවේදීන් නෑගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 14 October 2021 19:25