May 10, 2024

"ජනපති 6යේ පාරකුත් ගැහුවා" - ඉදිරි මැතිවරණය ගැන නාමල් කතා කරයි (VIDEO)

ලෝක වෙළෙඳ පොළේ බඩු මිල වැඩි වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ද භාණ්ඩ මිල වැඩි වී තිබෙනවා නමුත් බඩු මිල අඩු කළ හැකි ප්‍රථම අවස්ථාවේදීම එය අඩු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ පමණක් නොව එංගලන්තයේ පවා භාණ්ඩ හිගයක් පවතින බවයි ඔහු පවසන්නේ.

රජය කැමැත්තෙන් භාණ්ඩ මිල වැඩි නොකරන බවද අකමැත්තෙන් හෝ රජය තීන්දු ගත යුතු බවත් ඔහු පැවසුවා.

මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය අවස්ථාවේදීම මැතිවරණ පවත්වන බවත් ජනතාව අතරට ගොස් ජනතාවගේ අදහස් විමසීම සූදානම් බවත් ඔහු කියා සිටියා.

"ජනාධිපතිතුමා ක්‍රිකට් ගහලා හයේ පහරකුත් ගැහුවා." යැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එම වීඩියෝව පහතින්,

කොළඹ - නිරෝෂන්

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 October 2021 12:58